පූජිත් ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු යළි රිමාන්ඩ්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම හා වගකීම් පැහැර හැරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ලබන 9 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා.
ඒ ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
ඊයේ දිනයේදී ඔවුන් අත්අඩංගුවට ගැණුනේ රෝහල්ගතව සිටියදීයි.