ත්‍රීකුණාමල සිසු ඝාතන නඩුවේ හමුදා නිලධාරීන් නිදහස්

ත‍්‍රිකුණාමලය ගාන්ධි වටරවුමේ සිදුවු සිසු ඝාතනයට අදාල නඩුවේ චෝදනාවලින් විශේෂ කාර්ය බලකා නිලධාරින් 13 දෙනා අද නිදොස් කොට නිදහස් කෙරුණා.

ඒ  වසර 06ක් පුරා ත‍්‍රිකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණයෙහි විභාග වුනඩුවේ තීන්දුව ලබාදෙමින්.

2006 පෙබරවාරි 14 වනදා සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව රදවා ගැනිමේ නියෝග මත මාස 02ක කාලයක් අත්අඩංගුවේ තබා ගෙන සිට, ප‍්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් ඔවුන් නිදහස් කර තිබුණා.

2006 වසරේ ජනවාරි 02වනදා ත‍්‍රිකුණාමලය වරාය පොලිස් වසමට අයත් මුහුදු වෙරළ පාරේ පිහිටි ගාන්ධි වටරවුමේදි විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 05දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් මෙම චෝදනා ගොනු කර තිබුණා.