සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇරඹෙයි

මාළඹේ – කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ නිල සමාරම්භය අද (03) සිදුකෙරුණා.ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයයි එය මෙහෙය වන්නේ. දුම්රිය මාර්ගයේ දුර කිලෝ මීටර 16ක්. නැවතුම් ස්ථාන 16කින් ද එය සමන්විතයි.

මාළඹේ සිට කොළඹ කොටුව දක්වා විනාඩි 32ක් තුළ ගමන් කිරිමේ පහසුකම් ඉන් සැළසෙන බවයි ව්‍යාපෘති අධ්‍යක්ෂ චමින්ද ආරියදාස මහතා ප‍්‍රකාශ කළේ.

ව්‍යාපෘතිය අවසන් වන්නේ 2024 වසරේදී. ඇමරිකා ඩොලර් බිලියන 1.85ක ණය ආධාර මතයි එය ක‍්‍රියාත්මක වන්නේ. ඒ සඳහා යොදන සමස්ථ ආයෝජනය ඇමරිකා ඩොලර් බිලියන 2.2ක්.