අක්මීමනදී වෙඩි තැබීම සිදුකළ සෙබලා අත්අඩංගුවට

අක්මීමන උපනන්ද විදුහලට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකුට වෙඩි තැබීමෙන් පසුව එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් වෙඩි තැබීම සිදුකළ යුද හමුදා සෙබලා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසනවා.

අද මධ්‍යා්හන 12.45ට පමණ මෙම වෙඩි තැබීම සිදුවු අතර සිද්ධියෙන් මියගියේ එම පාසලේ ප්‍රාථමික අංශයේ සිසුවකුගේ පියෙක්.

යුද හමුදා සෙබලාගේ ගිනි අවිය උඳුරාගැනීමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.