අක්මීමන පාසලකට අනවසරයෙන් ඇතුලුවූ අයෙක් වෙඩි පහරකින් මරුට

ගා/ මානවිල උපනන්ද විද්‍යාලයේ ප්‍රථමික අංශයේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි යුධ හමුදා සෙබලෙකු විසින් සිදුකළ වෙඩි තැබිමකින් පුද්ගලයකු මරණයට පත්ව තිඛෙනවා.
පොලිසිය සදහන් කළේ සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ දෙදරු පියකු බවයි.

මියගිය පුද්ගලයාගේ දරුවකු මෙම පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන අතර  දරුවා අසනිප විම නිසා රැගෙන යාම සදහා ඔහු පාසලට පැමිණ ඇති බවයි අනාවරණවී ඇත්තේ.

සෙබලාගේ අණ නොතකා පාසලේ පළමු හා දෙවන ගේට්ටු විවෘත කරමින් ඇතුලුවීමට උත්සාහ කළ අවස්ථාවේදීයි මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ.

මෙසේ වෙඩි තැබිමෙන් මියගොස් ඇත්තේ  කළුතන්ත්‍රිගේ ප්‍රදිප් උදයකුමාර (31) නැමති  පිලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු නාවික හමුදාවේ තුර්යවාදක කණ්ඩායමේ හිටපු සමාජිකයකු බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිඛෙනවා.