රිවෝල්වරය පැහැර ගැනීමේ සිද්ධියට 04ක් අත්අඩංගුවට

මඩකලපුව පුදුර් ප්‍රදේශයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී ඔවුන් සතු ගිනි අවියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඊයේ දිනයේ මෙම සිද්ධිය වාර්තාවූ අතර එහිදී රිවෝල්වරයක් සහ පතොරම් 05ක් පැහැර ගෙන ගොස් තිබුණා.
සැකකරුවන් 19, 23 සහ 55 හැවිරිදි මඩකලපුව අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
පැහැර ගන්නා ලද රිවෝල්වරය සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.