අතකොටාට තවත් වසර 24ක සිර දඩුවමක්

දැරණියගල නූරි වතුඅධිකාරී ඝාතනය කිරීමේ චෝදනා සඳහා වැරදිකරු වී මරණ දඬුවම නියම වී සිටින චම්පික විජේසිංහ නොහොත් අතකොටා (දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති) නැමැත්තාට තවත් වසර 24ක සිර දඩුවමක් නියම කර තිඛෙනවා.

ඒ පුද්ගලයෙකුට වීදි රේඛා සහතිකයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාවටද වරදකරුවීම හේතුවෙන්.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝගය නිකුත් කළා.

එසේම චුදිතයාට තවත් රුපියල් 20000 දඬයක්ද, අල්ලස් ඉල්ලූ පුද්ගලයාට රුපියල් 25000ක වන්දි මුදලක්ද, තවත් ලක්ෂ 4ක දඬයක්ද නියම කර තිඛෙනවා.

මෙම දඬ මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 7ක සිර දඬුවමක්ද ලබාදීමට නියමිතයි.