ශ්‍රීලනිපය හා සන්ධානගතව තරග කරන කතා බොරු / පොදුජන පෙරමුණ කියයි

 ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණ නැමැති සන්ධානයකින්  ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට කිසිදු එකගතාවයට පැමිණ නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සිදුකල ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි අද පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු  ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී   පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ  අතර සාකච්ඡා සාර්ථකව සිදුකළද සන්ධානගතව තරග කිරීමට අදාළ කිසිදු තීරණයක් ගෙන නැතැයිද මෙහිදී අවධාරණය කෙරුණා.

වත්මන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂය විසින් නම්කොට ඇති පසුබිමක එම කොන්දේසිය යටතේ සන්ධානයකට එකඟවීමට පොදුජන පෙරමුණ  සූදානම් නොමැති බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.