අක්මීමන සෙබලා වරදක් කර නැතැයි හෙළිවෙයි

අක්මීමන ප්‍රදේශයේ විදුහලක සිදු වූ වෙඩි තැබීම සම්බන්ධ හමුදා සෙබළා නීතියට අනුව වරදක් සිදු කර නොමැති බව මුලික හමුදා පරික්ෂණවලින් තහවුරු වී තිබෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසනවා. කෙසේ වෙතත් සිද්ධියට අදාළව එල්ලවන චෝදනා පිළිබද තවදුරටත් විමර්ෂණ සිදුවන බවයි ඔහු කියා සිටියේ.