IOC ඉන්ධන මිලත් පහත හෙළයි

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල අඩුකිරීමට සාපේක්ෂව ලංකා ඉන්දියානු තෙල් සමාගමත් ඉන්ධන මිල පහත හෙලා තිඛෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල්  3 කින්, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලිටරයක මිල රුපියල් 5 කින් සහ  සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 5 කින් අඩු කර ඇති බවයි එම සමාගම පවසන්නේ.

ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 144 ක් ලෙසත් ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලිටරයක මිල  රුපියල් 162ක් ලෙසත් සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 131 ලෙසත් සංශෝධනය වනවා.

ඔටෝ ඞීසල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවූ අතර එහි මිල රුපියල් 104 ක් ලෙස සදහන්.