ශ්‍රී ලංකා තවුහිද් ජමාද් ලේකම් රාසික් ගැන විමර්ෂණ

ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් නැමැත්තා සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ත‍්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත වාර්තා කර තිඛෙනවා.

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනතේ 03 වන වගන්තිය යටතේ සහ 1979 අංක 48 දරන ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ (තාවකාලික විධිවිධාන) 2, 3, වගන්ති යටතේ මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි අධිකරණයට දන්වා ඇත්තේ.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පවත්වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගී වෙමින් තහනම් සංවිධානයක් වූ ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් නැමැත්තා පිළිබදව තමා නොදන්නා බවත්, අයිඑස්අයිඑස් ත‍්‍රස්ත සංවිධානය පිළිබදව කැමැත්තක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළ බවද මෙම වාර්තාවේ සදහන් කර තිඛෙනවා.