සන්ධානය විශ්වාසභංගයට පක්ෂවීමේ තීන්දුවක

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළද එය ජයග්‍රහණය කරවීමට උනන්දුවක් ඔවුන් තුල නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.
අදාළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග හෝ නිදහස් සන්ධානය සමග සාකච්ඡාවක් පවා පවත්වා නොමැති වුවද අද ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිත කිරීමට තීරණය කළ බවයි නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.
ඒ අද කැදවා තිබූ මාධ්‍ය සාකච්ජාවක් අමතමින්.
ආණ්ඩු විරෝධයක් පෙන්වන ඇතැමුන් ආණ්ඩුව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවටද මන්ත්‍රීවරයා චෝදනා එල්ල කළා.