විශ්වාසභංගය මෙන්ම ජනාධිපතිවරණයත් දිනනවා / රාජ්‍ය ඇමති ජේ සී අලවතුවල

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාව බහුතරයකින් ජයගත් අයුරින්ම ඉදිරි ජනාධිපතිවරණයද එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව ජයගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ විශ්වාසභංග ජන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.
ජනතා විමුක්ති පෙරමුණ නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව හෝ වත්මන් ආණ්ඩුවට අභියෝග කළ නොහැකි බව මෙම ජන්දවිමසීමේදී තහවුරුවූ බවද අමාත්‍යවරයා කියා සිටියා.
එසේම ජනතාවගේ විශ්වාසයද ඉදිරි ජනාධිපතිවරණයේදී ඒ අයුරන්ම ආණ්ඩුවට හිමිවන බවයි ජේ සී අලවතුවල මහතා සදහන් කළේ.
පුද්ගලික අරමුණු ඉටු කර ගැනීමේ අවශ්‍යතාවය සහිත කිහිපදෙනකු වෙනුවෙන් ආණ්ඩු පෙරලීමට ජනතාව කටයුතු නොකරන අතර ජනතාව රටේ අනාගතය පිළිබද සිතා කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.