බදුර්දීන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

හිටපු ඇමති රිෂාඞ් බදියුදීන් මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන මෙන් ඉල්ලමින් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු අද (11) අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ යහපාලන රජයේ අමාත්‍යවරුන්ගේ වංචා හා දූෂණ හෙළි කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ටොප් -20 වැඩසටහන යටතේ දොළොස්වැනි පැමිණිල්ල ලෙසයි.

හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඞී.වී චානක මහතා විසින් ඉදිරිපත් කළ මෙම පැමිණිල්ලට අනුව හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයන් 52 සතොස ආයතනයට බඳවාගෙන ඔවුන්ට එම ආයතනය මගින් වැටුප් ගෙවා රුපියල් ලක්‍ෂ සියයක පමණ පාඩුවක් සිදුකිරීම, හිතවතකුගේ නමින් රූපවාහිනී නාලිකාවක් පවත්වාගෙන යමින් එම නාලිකාවට මසකට සතොස ආයතනය මගින් රුපියල් ලක්‍ෂ 15 බැගින් ගෙවා සතොසට රුපියල් ලක්‍ෂයක පමණ පාඩුවක් සිදුකිරීම පිළිබඳව චෝදනා එල්ල කර තිඛෙනවා.

එමෙන්ම සතොස ආයතනයේ ගබඩාවක සහල් මෙට්‍රික්ටොන් 80000 ක් පමණ තිබියදී එම ආයතනයටම අමතරව සහල් මෙට්‍රික්ටොන් ලක්‍ෂයක් පමණ ආනයනය කිරීමෙන් සතොස ආයතනයට රුපියල් බිලියන දෙකහමාරකට අධික පාඩුවක් සිදුකිරීම පිළිබඳවද එහි ඇතුලත්.

එමෙන්ම  එම සහල් තොගය නිෂ්කාෂණය හා ප‍්‍රවාහනය කිරීම සඳහා කිසිඳු ඇපකරයකින් තොරව අමාත්‍යවරයාගේ හිතවතකු වන ලිවර්පූල් නැවිගේෂන් නැමැති ආයතනයේ සභාපතිවරයා වූ වින්සේද්‍ර රාජන් නැමැත්තාට සතොස මගින් රුපියල් මිලියන 1224ක් අත්තිකාරම් මුදල් ලෙස ගෙවා ඇති අතර එසේ ගෙවන ලද මුදලින් රුපියල් මිලියන 267ක මුදලක් මේ දක්වා සතොස ආයතනයට නොගෙවීම සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් මන්ත‍්‍රීවරයාට එරෙහිව මෙම පැමිණිල්ල මගින් චෝදනා එල්ල කරනු ලැබ තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.