සහරාන්ගේ මිතුරා ගැන පරීක්ෂණ දිගටම

මොහොමඩ් සහරාන් සමඟ පුහුණුවීම් සිදු කර පසුව අත්අඩංගුවට පත් සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂණ කි‍්‍රයාත්මක බව පොලීසිය පවසනවා.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තු භාරයේ රඳවාගෙන විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ මහරගම ප‍්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවය කරමින් සිටියදී. ඔඔහු අරනායක දික්පිටිය විල්පොළ පාර ප‍්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු නුවඑළිය බ්ලැක්පූල් ප‍්‍රදේශයේදී ගිනි අවි පුහුණුව ලබා ඇති බවයි මූලක පරික්ෂණවලදී හෙළි වුණේ.