එක්දින ලෝක කුසලානය එංගලන්තය දිනාගනී

2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය හිමිකර ගැනීමට එංගලන්තය අද සමත්වුණා.
ඒ තියුණු තරගයකින් පසු සුපිරි පන්දුවාරයේදී නවසීළන්තය පරාජයට පත් කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 241 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයද සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 241ක් පමණයි.
අනතුරුව සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කළ අතර එහිදී එංගලන්තය ලකුණු 15ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයද සුපිරි පන්දුවාරයේදී ලබාගත්තේ ලකුණු 15ක් පමණයි.
ඒ අනුව වැඩිම 4 පහර ප්‍රමාණය සලකා තරගයේ ජය එංගලන්තයට පිරිනැමුණා.
මෙය එංගලන්තය ලෝක කුසලාන තරග ඉතිහාසයේ කුසලානය හිමිකරගත් මුල්ම අවස්ථාවයි.

New Zealand

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න