මරණ දඩුවම අහෝසි කරන දාට ජාතික ශෝක දිනයක්

මරණීය දණ්ඩනය අහෝසි කිරීම රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හා අපරාධකරුවන්ගේ ජයග්‍රහණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාපවසනවා. වලව කලාපයේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවක් අමතමින් ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් කුඩුකාරයන්ට , පාතාලයට හා ස්ත්‍රී දූෂකයන්ට රට භාර දෙන එම දිනය ජාතික ශෝක දිනයක් බවට පත් කරන බවයි.