හේමසිරි ප්‍රනාන්දුගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය නවයක කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයට ආදාළවයි.

තවත් පුද්ගලයන් රැසකගෙන් මේ ආකාරයට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා මේ වන විට ඇප මත මුදා හැර සිටිනවා.