ඩෙටනේටර් සමග ඇල්ලූ පස්දෙනා රදවා ප්‍රශ්න කරයි

පිළියන්දල – හැඩිගම නිවසක් තුළ තිබී ඩෙටනේටර් 290ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා දින තුනක රඳවා ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර දී තිඛෙනවා.පොලිසිය සදහන් කළේ යුධ හමුදාව හා පොලීසිය එක්ව සිදුකරන ද මෙහෙයුමකදී මෙම ඩෙටනේටර් තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ අදාල නිවසේ හිමිකරු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ ඔවුන්ට එම ඩෙටනේටර් ලබාදී ඇති පුද්ගලයායි.

මෙම සිද්ධියට අදාල තවත් පුද්ගලයෙකු පොලීසියට භාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.