මරණ දඩුවමට එරෙහි රීට් පෙත්සම කල් යයි

මරණ දඬුවමට ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ රීට් පෙත්සම ඔක්තෝබර් මස පළමුවනදා කැදවීමට අභියාචනාධිකරණය අද තීරණය කළා. මෙම පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට මීට පෙර නියම කර තිබුණත් එය කල් තැබීමටයි තීරණය කෙරුණේ.

අභියාචනාධිකරණය මෙම තීරණය ගෙන ඇත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විටත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබීම හේතුවෙනුයි. මෙම පෙත්සම මඟින් ජනාධිපතිවරයාගේ තීරණයක් අභියෝගයට ලක් කර ඇති බැවින් අභියාචනාධිකරණයට එය විභාග කිරීමේ බලයක් නොමැති බවට නීතිපතිවරයා මූලික විරෝධතා ඉදිරිපත් කළා. එහෙත් පෙත්සම්කරුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ මෙය ජනපතිගේ තීරණයක් නොව බන්ධනාගාර කොමසාරිස්වරයා ගෙන ඇති තීරණය පමණක් අභියෝගයට ලක් කරන්නක් බවයි. මාධ්‍යවේදී මලින්ද සෙනෙවිරත්න මහතායි පෙත්සම ගොනු කර ඇත්තේ.