නීල් ආමස්ට්‍රොන්ගේ ගඟනගාමී ඇදුම මහජන ප්‍රදර්ශනයට

සඳ මත පා තැබූ පළමු මිනිසාවන නීල් ආම්ස්ට්‍රෝන් සද මත පා තබන විට ඇඳ සිටි ගගණගාමී ඇඳුම වසර 13කට පසු මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කර තිඛෙනවා.
ඒ සඳ මත පා තැබීම සදහා ඇපලෝ 11 යානය ප්‍රථිවියෙන් පිටත් වී වසර 50ක් සැපිරීම වෙනුවෙනුයි.
එම අවස්ථාවට නීල් ආම්ස්ට්‍රෝන්ගේ පුත්‍රයා සහ අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් එක්ව සිටියා.
මෙය වොෂින්ටනයේ පිහිටි ස්මිත් සෝනියන් ගුවන් හා අභ්‍යවකාශ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර  පසුගිය වසර 13 පුරාම එය විශේෂ සංරක්‍ෂණ ක්‍රියාවලියකට භාජනය කර තිබුණා.