රෝහල්ගතව සිටි පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට

ජයවර්ධනපුර රෝහලට ඇතුලත්ව සිටි ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ ජයවර්ධනපුර රෝහලට ගොස් පරීක්ෂණ පැවැත්වු රහස් පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ පරීක්ෂණවලට අනුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් දුන් හත්දෙනාගෙන් සමන් දිසානායක මහතා එක් අයකු වනවා.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා සමන් දිසානායක මහතා අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබුණු අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ එම අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව සමන් දිසානායක මහතා සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට යළිත් දන්වා තිබුණා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න