අනතුරට පත් යාත්‍රාවෙන් බොනවිස්ටා කොරල් පරයට තර්ජන

ඊයේ ගාල්ලේදී අනතුරට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාව සුප්‍රසිද්ධ බොනවිස්ටා කොරල් පරය ආසන්නයට ලගාවීම හේතුවෙන් එම පරය අවධානමකට ලක්ව තිඛෙනවා.

ශ්‍රී ලන්කන් ග්ලෝරි නැමති නෞකාව ඊයේ පැවති අධික සුළං සහිත කාළගුණ තත්ත්වය සමගයි මෙසේ අනතුරට පත්ව තිබුණේ.

එම අවස්ථාවෙ යාත්‍රාවේ නව දෙනෙකු සිටි බවත්, ඔවුන් සියලු දෙනා ආරක්ෂිතව මුදාගත් බවත් නාවික හමුදා ප්‍රකාශක ලෙෆ්ටිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා සඳහන් කළා.

මෙම යාත්‍රාවෙන් පරිසරයට හානි සිදුවේදැයි විමර්ශනය කරන බවයි නාවික හමුදාව පවසන්නේ.

මේ අතර,  සමුද්‍රී පරීක්ෂණ ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී  ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර ප්‍රකාශ කළේ, තෙල් ටොන් 15 ක් රැගත් නෞකාව කොරළ් පරයේ ගැටීම හා අධීක රළ පහර හේතුවෙන් තෙල් මුහුදු ජලයට එක්වීමේ අවධානමක් ඇති බවයි.

එසේ සිදුවුවහොත්, ජලජ ජීවීන්ට මෙන්ම කොරල් පරයට ද හානි සිදුවිය හැකි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.