ප්‍රදේශ කිහිපයකට අවදානම් නිවේදන

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවලට අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

රත්පුර දිස්ත්‍රික්කයේ කාලගුණ තත්ත්වය යහපත් තත්ත්වයට පත්වෙමින් තිබුණද තවදුරටත් ජනතාව ආරක්ෂිත ස්ථානවල රැදී සිටින ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම්දෙන්නේ.