ආපදා මරණ 8ක් දක්වා ඉහළට

බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පුද්ගල මරණ 8ක් වාර්තාවී තිඛෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් මතට දැඩි සුළඟ හේතුවෙන් පොල් ගසක් කඩා වැටී පුද්ගලයකු මියගොස් ඇති බවයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිඛෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 8 ක පුද්ගලයින් 5,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.