කලගෙඩිහේනේදී මැරකම් පෙන්වූ 4 වැනියාත් අත්අඩංගුවට

නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයේ ප්‍රදේශයේදී වෑන් රථයක රියදුරකුට පහරදුන් තවත් සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් පසුව පොලිස් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. පොලිසිය සදහන් කළේ සිද්ධියට අදාළව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 4ක් බවයි.

අද පොලිසියට භාරවූ සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.