රටේ ණය ට්‍රිලියන 13ක් / අවසන් දත්ත නෑ / හිටපු විගණකාධිපති හෙළිකරයි

ශ්‍රී ලංකාවේ සමස්ථ ණය ප්‍රමාණය ට්‍රිලියන 13ක බරපතල මට්ටමක පවතින බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසනවා.
ඔහු අනාවරණ කළේ එම ණය ප්‍රමාණයන් පිළිබද නිවැරදි අවසන් දත්ත පවා නිවැරදිව නොපවතින බවයි.
මෙම තත්ත්වය පිළිබද කඩිනම් අවධානයක් යොමුකළහොත් ණය අර්බුධය වසර 10කින් හෝ යම් සාධනීය මට්ටමකට පත් කර ගත හැකි බවයි හිටපු විගණකාධිපතිවරයා පැවසුවේ.
ඔහු මෙම අදහස් පල කළේ ඔස්ටේ්‍රලියාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.