පානදුර උතුර පොලිසියේ ගිනි අවි 2ක පරීක්ෂණ CIDයට

පානදුර, උතුර පොලිස් ස්ථානයෙන් ටී-56 වර්ගයේ ගිනිඅවි 02ක් අතුරුදන්වීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දි ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බවයි.

මෙම ගිනිඅවි දෙක අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන්, පානදුර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවීමට මීට පෙර කටයුතු කෙරුණා.

පසුගිය 04 වැනිදා පානදුර උතුර පොලිස් ස්ථානයේ රාජකාරී භාර නිලධාරියා ගිනි අවි සම්බන්ධයන් කළ පරික්ෂාවකදී ටී – 56 ගිනි අවි දෙකක් අස්ථානගත වී ඇති බව අනාවරණවී ඇත්තේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න