පාස්කු ඉරිදා ප්‍රහාරයට ISIS සම්බන්ධයක් නැතැයි හෙළිකරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයේ ඍජු සම්බන්ධයක් ඇති බවට තවමත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අද අනාවරණ කළා.
ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමිනුයි.

සාක්ෂි විමසීමේ කටයුතු අද දහවල් 12.30 සිට මාධ්‍යයට විවෘත කෙරුණු අතර, ඉන් අනතුරුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සාක්ෂි ලබාදීම ආරම්භ කළේ.

පෙරවරුවේ පැය 2ක කාලයක් මාධ්‍යයට එම ආවරණය සීමා කර තිබුණා.