ප්‍රහාරය තෙක්ම ආරක්ෂක මණ්ඩලයට කැදවුණේ නෑ / STF ප්‍රධානියා කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවන තෙක්ම තමන්ට ආරක්ෂක කවුන්සිලය වෙත සහභාගී වන ලෙස කැඳවීමක් නොලැබුණු බව පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා අනාවරණ කර තිඛෙනවා.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු අපේ‍්‍රල් 23 වැනිදා ආරක්ෂක කවුන්සිලයට සහභාගී වන ලෙස තමන්ට කැඳවීමක් ලැබුණු බවද ලතීෆ් මහතා මෙහිදී අනාවරණ කළා.

ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන්, විශ‍්‍රාමික මේජර් ජනරාල් ලාල් පෙරේරා ඇතුළු ආරක්ෂක ප‍්‍රධානීන් කිහිපදෙනෙකු විශේෂ කාරක සභාව හමුවේ අද දිනයේ සාක්ෂි ලබා දීමට නියමිතයි.