ජනපතිවරණයට පෙර පළාත් සභා / ශ්‍රීලනිපයෙන් යෝජනාවක්

ඉදිරි ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට වන යෝජනාවක් නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී සම්මත කරගෙන තිඛෙනවා.
එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී මෙම මධ්‍යම කාරක සභා රැස්වීම සිදුකෙරුණු බවයි.