දිනන අස්පයෙක් ශ්‍රීලනිපයේ නෑ / ජනපති අපේක්ෂකයා පොහොට්ටුවේ – දිලුම් අමුණුගම-Audio

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ජනාධිපතිවරණය ජයගත හැකි අපේක්ෂකයකු නොමැති බව පොදුුජන පෙරමුණ අද පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළා.
එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා කියා සිටියේ නිදහස් පක්ෂය සමග එක්ව කටයුතු කිරීමට පොදුජන පෙරමුණ එකග වුවද ජයග්‍රහණය කළ නොහැකි අපේක්ෂකයකුට සහාය දීමට එකග නොවන බවයි.
ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයින් කිහිපදෙනකුම පොදුජන පෙරමුණ සතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න