සංඝරත්නය ගැන රන්ජන්ගේ ප්‍රකාශ විමර්ෂණයට කමිටුවක්

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මහා සංඝරත්නය සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් හා ඊට සම්බන්ධව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔහු පළකර ඇති වීඩියෝ පිළිබද විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණයකර තිබෙනවා.

අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් එම කමිටුව පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සදහන්කරන්නේ.

රංජිත් මද්දුම බණ්ඩාර සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා.

රංජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශ හා එළිදක්වා ඇති වීඩියෝ පිළිබද විධිමත් විමර්ශනයක් සිදුකර ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද අගමැතිවරයා වෙත යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම මෙම කමිටුව වෙත පැවරෙනු ඇති.

1630

ආසාදිතයන්

801

සුවය ලැබූ

819

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.