විශිෂ්ට ජයක් සමග මාලිංග එක්දින පිටියට සමුදෙයි

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 91 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ අවසන් එක්දින තරගයවූ මෙහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 314ක් රැස් කළා.
සුපිරි ඉනිමක් ක්‍රිඩා කළ කුසල් පෙරේරා ලකුණු 111යි . එය ඔහුගේ 5වන එක්දින ශතකයයි.
ඇන්ජලෝ මැතිවුස් ලකුණු 48ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 43ක් රැස් කළා.
ෂයිෆුල් ඉස්ලාම් ලකුණු 62 ට කඩුලු 3යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ඉනිම ලකුණු 223කට සීමා වුණා.
මුෂ්ෆිකර් රහීම් ලකුණු 67 යි.
සබීර් රහමාන් ලකුණු 60යි.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ලසිත් මාලිංග ලකුණු 38ට කඩුලු 3යි.
නුවන් ප්‍රදීප් ලකුණු 51 ට කඩුලු 3ක් දවාගත්තා.
තරගයේ වීරයා කුසල් ජනිත් පෙරේරා.
මේ සමග එක්දින තරගාවලිය 1ට 0 න් ලෙස ලංකාව ඉදිරියෙන් පසුවනවා.