මාස 44කට පසු ලංකාවට ,ලංකාවේදී එක්දින තරගාවලි ජයක්

මාස 44කට පසු මෙරටදී පළමුවරට එක්දින තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ බංග්ලාදේශය සමග එක්දින තරගාවලියේ දෙවන තරගය කඩුලු 7කින් ජය ලබමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදු බංග්ලාදේශය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 කට ලකුණු 238ක් රැස් කළා.
මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 98 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පන්දුවාර 44යි පන්දු 4කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 242ක් ලබමින් තරගය ජයගත්තා.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 82 යි.
ඇන්ජලෝ මැතිවුස් නොදැවී ලකුණු 52ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 41ක් ලබාගත්තා.
තරගයේ වීරයා අවිශ්ක ප්‍රනාන්දු.
දෙරට අතර අවසන් තරගය ලබන 31වනදා පැවැත්වීමට නියමිතයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න