කසල කන්ටේනර් ගැන වහා පරීක්ෂණ කරන්නැයි නියෝග

එක්සත් රාජධානියේ සිට මෙරටට ගෙන් වූ කසළ කන්ටේනර් සම්බන්ධයෙන් වහා පරික්‍ෂණයක් කොට වාර්තාවක් සපයන ලෙස අභියාචනාධිකරණය රස පරික්‍ෂකවරයා වෙත නියෝග කර තිඛෙනවා.

රේගු භාරයේ ඇති නිෂ්කාශනය නොකරන ලද කන්ටේනර් දහසකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරික්‍ෂණයක් සිදු කරන ලෙසයි අභියාචනාධිකරණය නියෝග කළේ. කැළිකසළ සහිත කන්ටේනර් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම අද(30) සලකා බැලීමට නියම කෙරුණා. ඒ අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ හා විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. පෙත්සම ගොනුකර ඇත්තේ පරිසර යුක්ති කේන්ද්‍රයයි. ශ්‍රී ලංකා රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා , මධ්‍යම පරිසර අධිකාරිය හා නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා. දැනට ආනයනය කර ඇති කැළිකසළ වෙනත් ස්ථානවලට බැහැර කිරීම වැළැක්වීමේ නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා සිටිනවා.