සබීතා පෙරේරා අදත් ජනපති කොමිසමට ඇවිත් නැහැ

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ල පිළිබඳව ලැබී ඇති පැමිණිල්ලට  අදාලව ප්‍රකාශයක් ලබාදීමට ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය අද (01) ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකයට කැඳවා තිබුණද ඇය ඒ සදහා පැමිණ නොසිටි බව වාර්තාවනවා.
ඒ අනූව ඇයට ලබන 05 වැනිදා පැමිණෙන ලෙසයි කොමිසම යළි දැනුම්දී ඇත්තේ.
පසුගිය 17 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඇයට දන්වා තිබුණද එහිදීත් ඇය කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ.
අදාළ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21 ක මාසික කුලියකට ලබා ගන්නා අවස්ථාවේදී අයිතිකාර පාර්ශ්වය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබූ අයෙක් ලෙසට සබීතා පෙරේරා මහත්මිය ගැන කොමිසම හමුවේ කරුණු හෙළි වී ඇති හෙයින් ඇයගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් ලබා ගැනීමට කොමිසම තීරණය කර තිබුණා.