මරණ දඩුවමට එරෙහිවීම රටට එරෙහිවීමක් / ජනපති

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට විරුද්ධ වන්නන් සිදු කරනුයේ යහපත් රටක් ‍ගොඩනැගීමේ වැඩපිළිවෙළට එරෙහිවීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.බණ්ඩාරවෙල පැවති පුන්‍යෝත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

අමරපුර සිරිසද්ධම්ම වංශ මහා නිකායේ ඌව පළාත් ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද පූජ්‍ය ගල්ගොඩගම සෝභිත ස්වාමීන් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගැන්වීම බණ්ඩාරවෙල නගර ශාලා ශ්‍රවනාගාරයේදී සිදු කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න