බැංකොක් නුවර පිපිරීම් කිහිපයක්

තායිලන්තයේ බැංකොක් නුවර සුළු පිපිරීම් කිහිපයක් සිදුව තිඛෙනවා.
ජාත්‍යන්තර ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළේ වෙළෙඳ සංකීර්ණයක් සහ ඒ ආසන්න ප්‍රදේශයකදී පිපිරීම් සිදුව ඇති බවයි.
පිපිරීම්වලින් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි සදහන්.
තායිලන්ත ජනාධිපති පුයුත් චාන් ඕචා ආරක්ෂක අංශවලට නියෝග කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙසයි.
ප්‍රහාරයේ වගකීම කවරකු විසින් හෝ භාරගෙන නැහැ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න