සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ හිටපු කැබිනට් අමාත්‍යවරියක හා භාරතීය ජනතා පක්‍ෂයේ නායිකාවක වූ සුෂ්මා ස්වරාජ් මහත්මිය නවදිල්ලියේ දී අභාවප්‍රාප්ත වුණා.

1999 දී දේශපාලනයට පිවිසි ස්වරාජ් මහත්මිය භාරතීය ජනතා පක්ෂය බලයේ සිටි ආණ්ඩු වල ජනමාධ්‍ය අමාත්‍ය පදවිය හා විදේශ කටයුතු ඇමැතිවරියක වශයෙන් ද කටයුතු කර තිඛෙනවා.ස්වරාජ් මහත්මිය නිල කටයුතු සඳහා කිහිපවතාවක් ශ්‍රී ලංකාවට ද පැමිණි අතර මිය යනවිට 67 වැනි වියෙහි පසුවුණා.ඇය වකුගඩු සැත්කමකට භාජනය වීම නිසා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටි අතර හෘදයාබාධයක් හේතුවෙන් ඇය දිවියෙන් සමුගෙන තිබුණා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න