මාවතගමින් රටටම ආදර්ශයක් -වැඩ 1,000 ක් ගමට හෙටක්

දේශපාලනය හා දේශපාලනඥයා පිළිබද ලාංකීය සමාජය තුල විවිධ මතවාදයන් ඉදිරිපත්වී තිඛේ.
බොහෝ දේශපාලනඥයන් රටට යම් සේවයක් ඉටු කළේද යන්න පිළිබද සාධක සෙවීම කළුණික සෙවීමටත් වඩා අසීරුය.
එහෙත් ඇතැම් දේශපාලනඥයන් වඩාත් නිහඩව සිය යුතුකම් රට හා සමාජය වෙනුවෙන් ඉටු කරන බවද නොරහසකි.
අපද දේශපාලනඥයන් පිළිබද කවර විවේචන සිදුකළද ඇගයිය යුත්තේ ඇගයීමට කිසිදු මොහොතක පසුබට නොවන බව මූලිකව සදහන් තබනු කැමැත්තෙමු.
එසේ ඇගයීමට ලක්වන්නාවූ ජනතාවාදී සේවයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ආසනයෙන් වාර්තාවීම සතුටට කරුණකි.
“වැඩ 1,000 ක් ගමට හෙටක්” තේමාවෙන් එක්දිනකදී සංවර්ධන ව්‍යාපෘති 1,000 ක් එක් ආසනයක් තුල ක්‍රියාවට නැංවීම එම දුර්ලභ අවස්ථාවයි.
රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතාගේ වෑයමක ප්‍රතිඵලයක් ලෙසින් මෙම ව්‍යාපෘති 1,000 ජනතාව වෙත නිල වශයෙන් තිළිණ වනු ලබන්නේ අගෝස්තු 18 වන දිනයි.
එම ව්‍යාපෘතිවල අරමුණවී ඇත්තේ එක් ආසනයක් තුල සියළුම ජනතාව වෙනුවෙන් ප්‍රතිලාභ අත්වන පරිදි විදුලිය, ජලය, නිවාස, පාසල් ගොඩනැගිලි, මහා මාර්ග , අතුරු මාර්ග, වාරි මාර්ග ,නව නගර සැලසුම ඇතුළු මෙම වැඩසටහන් ක්‍රියාත්මකවී තිබීමයි.ඒ අතරට පවුල් දස දහස් ගණනකට පානීය ජලය හිමිවන රුපියල් කෝටි 330ක පිරිවැයකින් යුතු ජල ව්‍යාපෘතියක් විවෘතවීම සුවිශේෂය.
එමෙන්ම පාසල් 24කට ගොඩනැගිලි , විද්‍යාගාර , ක්‍රීඩා පිටි ආදිය තිළින කිරීමද මෙම ව්‍යාපෘතියට ඇතුලත්කර තිබීම වැදගත්ය.
එමෙන්ම වැඩදහසක් ගමට හෙටත් යටතේ මාර්ග කිලෝමීටර 100ක් කාපට් අතුරා සකස් කර ඇති අතර එයද මේ වන විට නිමාවී තිබීම සුවිශේෂවේ.
එසේම මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද නව නගර සැලැස්මද මේ යටතට ඇතුලත්වේ.
මහනුවර කොලඹ අධිවේගී මාර්ගය මාවතගම හරහා ගමන් කරන හෙයින් එම තත්ත්වයට උචිතවන ලෙස සමස්ථ ආසනයම ආවරණය කරමින් නව නගරයක් ලෙස වර්ධනයවීම සදහා මෙම සංවර්ධන ව්‍යාපෘති නිර්මාණය කර තිබීම ඇගයිය යුත්තකි.

ඉය ඉදිරි වසර 25ක අනාගතයේ අවශ්‍යතාවය මත සංවර්ධනයවන නගරයක්වීම ඇගයිය යුත්තකි.
පළාත් පාලන මාර්ග රැසක් ප්‍රතිසංස්කරණය / ප්‍රධාන මාර්ග 12ක් රුපියල් ලක්ෂ 10,000 ක පිරිවැයෙන් නිර්මාණයවීම මෙන්ම මාවතගමට තට්ටු නිවාස ව්‍යාපෘති හදුන්වාදීමද මෙහි තවත් අධියරකි.

ඒ අතරට එක්වන ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති සිය ගණනක්ද වේ.

එසේම පසුගිය සිව් වසර තුල අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මාවතගම ආසනයේ ඉදිව ඇති නිවාස ගණන 1300ක් වන අතර ආසනයේ විදුලි අවශ්‍යතාවයද සම්පූර්ණයෙන් ආවරණය කර තිබීම සුවිශේෂය.
ඒ අනුව මෙම ව්‍යාපෘති 1,000 මාවතගම ආසනයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 2ක ග්‍රාමසේවා වසම් 116 ක ජනතාවට ප්‍රතිලාභ අත්කරනු ලබයි.

එසේම පවුල් 3,000කට සමෘද්ධි දීමනාව අලුතින් ලබාදීමද මේ හරහා සිදුකර තිඛේ.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතාගේ මගපෙන්වීමෙන් මාවතගම ආසනය ලබා ඇත්තේ පැහැදිලි ප්‍රගතියක්බව අගෝස්තු 18 වනදා දැක ගැනීමට සමස්ථ දේශපාලනඥයන්ටම අවස්ථාව හිමිවනු ඇත.
අභාවප්‍රාප්ත එස් ඩබ්ලිව් අලවතුවල මහතාගේ සමයේ දී දොඩම්ගස්ලන්ද ආසනයට වැඩ සියය නම් සංවර්ධන ව්‍යාපෘති මාලවක් හිමිවූ අතර එය මාවතගමදි වැඩ දහසක් බවට පත් කර ඇත්තේ එතුමන්ගේ පුත්‍රයා වන ජේ සී අලවතුවල රාජ්‍ය අමාත්‍යවරයායි.
දේශපාලනඥයන් මෙවන් උනන්දුවකින් හා සැලසුමකින් කටයුතු කරන්නේ නම් සෑම ආසනයකම මෙවන් පිබිදීමක් ඇති කළ හැකි අතර ඒ හරහා රටක් ලෙස දැවැන්තව නැගී සිටීමේ අවස්ථාව ශ්‍රී ලංකාව සතුය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 18 වනදා මෙම ව්‍යාපෘති ජනතා අයිතියට පත්වීමට නියමිතය.අප අනෙකුත් දේශපානඥයන්ටද ඇරයුම් කරන්නේ තමන්ගේ ආසනය මෙසේ නගා සිටුවීමට එක්වන ලෙසයි.එසේ වුවහොත් ඉතා කෙටි කාලයක් තුල මෙරට දියුණුව කරා ගෙනයාම අභියෝගයක් නොවනු ඇත.
ඒ වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා මෙසේ පෙන්වා ඇත්තේ සිය කැපවීම හා යුතුකමයි.
එය ආදර්ශයට ගෙන රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම සියළුම දේශපාලනඥයන්ට භාරය.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න