ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අටමස්ථානය වදී

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානය වැඳ පුදා ගත්තා.

අද(13) උදෑසන අනුරාධපුර පූජා භූමියට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර මෙම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද එක්ව සිටියා.

ජේතවනාරාමයට පැමිණ පූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතනපාල හිමියන් බැහැදුටු ගෝඨාභය රාජපක්ෂ මහතා උන්වහන්සේගේ ද ආශිර්වාදය ලබා ගත් අතර මේ එහිදී උන්වහන්සේ පල කළ අදහස්.

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න