දියවීගිය ග්ලැසියරයක් වෙනුවෙන් සිහිවටන ස්මාරකයක්

කාලගුණ විපර්යාස හේතුවෙන් විනාශ වී ගිය ග්ලැසියරයක් වෙනුවෙන් අයිස්ලන්තය අනුස්මරණ ස්මාරකයක් නිර්මාණය කර තිබෙනවා.

අයිස්ලන්තයේ බටහිර ප්‍රදේශයේ තිබූ ඕකේ නම් ග්ලැසියරය වෙනුවෙනුයි මෙම ස්මාරකය නිර්මාණය කර ඇත්තේ.

ග්ලැසියරයක් වෙනුවෙන් ස්මාරකයක් ඉදිවන පළමු අවස්ථාව මෙයයි. එය ලෝකඩවලින් ඉදිකර තිබෙනවා. අනාගතයට ලිපියක් යන තේමාවෙන් එහි ග්ලැසියරය පිළිබඳ තොරතුරු සඳහන්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න