කුසල් මෙන්ඩිස් කොලඹට / සති 6ක් පිටියෙන් ඉවතට

ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්ට සති හයක කාලයක් විවේක ගැනිමට සිදුව තිබෙනවා. ඒ නවසීලන්තය සමඟ පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය අතරතුරදී සිදුවු අනතුර හේතුවෙන්.

උඩ පන්දුවක් රැක ගැනිමට යාමේදී ෂෙහාන් ජයසූරිය හා කුසල් මෙන්ඩිස් එකිනෙකා ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. එහිදි කුසල් මෙන්ඩිස්ගේ දණ හිස සහ හිස ආබාධ තත්ත්වයන්ට ලක්වු අතර ඔහු ඊයේ  දිනයෙදී මහනුවර දී එම් ආර් අයි පරික්ෂණයකටද පෙනී සිටියා. සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහු අද දිනයේදී කොළඹට කැඳවීමට නියමිත බව වාර්තා වනවා. මෙම අබාධ තත්ත්වය හේතු‍වෙන් එළඹෙන පාකිස්තාන තරග සංචාරය ද කුසල් මෙන්ඩිස්ට අහිමි වනු ඇති. ෂෙහාන් ජයසූරියටද  පල්ලේකැලේ ක්‍රිඩාංගනයේදී හෙට පැවැත්වෙන තුන්වන පන්දුවාර 20-20 තරගයට සහභාගිවන්නේ නැහැ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න