අවසන් තරගය ලංකාව දිනයි / තරගාවලියේ ජය නවසීලන්තයට

සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් ලකුණු 37ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ ලසිත් මාලිංගගේ වාර්තා බිහිකළ පන්දු යැවීම හමුවේයි.

පල්ලෙකැලේ පිටියේ පැවැති තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 125ක් පමණයි.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 30යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 16කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 88ක් පමණයි.

මෙහිදී ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග විස්සයි20 ලෝක වාර්තා කිහිපයක්ම පිහිටුවමින් පන්දු හතරකදී පිට පිටම කඩුලු 4ක් සමග ලකුණු 6කට කඩුලු 5ක් දවාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළා.

විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේ නවසීලන්තයයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න