හේමසිරිට හා පූජිතට ඇප දීම ගැන නියෝගය ලබන මස 9වනදා

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පත පිළිබඳ විභාගය අද අවසන් කරනු ලැබුවා.

නීතිපතිවරයා විසින් එම අයදුම්පත ගොනු කර ඇත්තේ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත මුදා හැරීමට නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින්.

එම අයැදුම්පත සම්බන්ධ නියෝගය ලබන මස 9 වන දා නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද නියෝග කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙමින් නිකුත් කළ නියෝගය ඉතා වැරදි සහගත එකක් බවත්, නෛතික වශයෙන් දෝෂ 05ක් ඇති බවත් පවසමින් එම නියෝගය ප්‍රතිශෝධනය කර සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වා තිබුණා.