රට දිනවන මීළඟ ජනපති සජිත් /රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල කියයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඒකමතිකව පත් කර ගැනීම විශිෂ්ට ජයග්‍රහණයක ආරම්භය බව රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අද පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ කිසිදු භේදයකින් තොරව එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව වඩාත් සුදුසුම අපේක්ෂකයා රට හමුවට ඉදිරිපත් කළ බවයි.
ජනාධිපති අපේක්ෂකත්වය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය දෙකඩ වනු ඇතැයි දවල් සිහින දුටු කණ්ඩායම් කම්පනයට පත් කිරීමට මෙම තීරණය සමත්වනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

පොදුජන පෙරමුණ ඇතුලු සමහර අවස්ථාවාදී කල්ලි කණ්ඩායම් බලන් හිටියේ එක්සත් ජාතික පක්ෂය කණ්ඩායම් දෙකකට ඛෙදී යනකම්. නමුත් ඔවුන් දන්නෙ නැහැ මේ රටේ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විදියට එක්සත් ජාතික පක්ෂය තීරණ ගන්නේ බහුතර කැමැත්තට අනුව කියන එක.අපි රටට කිව්වා …නියමිත වෙලාවට අපේ සුදුසුම අපේක්ෂකයා ඒකමතිකවම රටට ඉදිරිපත් කරන බව.ඒ අනුව අද අපේ අගමැතිතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා කළා..ඒ වගේම ඒකමතිකව අපි අනුමත කළා…සජිත් ප්‍රේමදාස මහතාව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා බවට පත් කරන්න.මේ රටට මහා සේවයක් කළ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා වගේම සෑම ජන කොටසකටම සෑම ලාංකිකයකුටම , විශේෂයෙන් දුගී දුප්පත් ජනතාවට සේවය කරන්න සජිත් ප්‍රේමදාස මහතා සූදානම්.. ඒ වගේම ඔහු ජනාධිපති ධූරයට පත් කර මේ රට ගොඩනගන්න මේ රටේ ජනතාවත් සූදානම්…
ඒ නිසා අපි පැහැදිලිව කියනවා…නොවැම්බර් 16 වෙනිදා මේ රටේ මීළග ජනාධිපතිවරයා විදියට වගේම..රට දියුණු කරන ජනාධිපතිවරයා විදියට සජිත් ප්‍රේමදාස මහතා ජය ලබන බව…