ඇතින්නියන් 7 දෙනාගේ මරණ ගැන CID විමර්ෂණයක් ඉල්ලයි

හබරණ,රිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේදී මිය ගිය වන අලින්ගේ සිරුරු කොටස් පරීක්ෂාව සදහා ආයතන තුනකට යොමු කර තිඛෙනවා.

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ‍, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු පරීක්ෂණ ආයතනයට එම කොටස් ඊයේ භාරදුන් බවයි.

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව එම කොටස් භාරදී තිඛෙනවා.

එම වන අලි මරණ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා සදහන් කළා.

මේ අතර මාස 9 ක් තුළ වෙඩි තැබීම්වලින් වන අලි 54 දෙනෙකු මිය ගොස් ඇති අතර හක්කපටස් ආහාරයට ගැනීමෙන් මිය ගොස් ඇති වන අලි සංඛ්‍යාව 44 ක්.

වසරේ ගත වූ කාලසීමාව තුළ වන අලි 293 දෙනෙකු මිය ගොස් තිඛෙනවා.

පසුගිය වසරේ එම කාලසීමාව තුළ මිය ගොස් ඇති වන අලි සංඛ්‍යාව 217 ක්.