නාමයෝජනා සමග වත්කම් බැරකම් ඉල්ලයි

නාම යොජනා භාර දීමත් සමඟ සියලු ම අපේක්ෂකයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඒ සමඟ ම භාර දිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ජනාධිපතිවරණය 2019 සඳහා නාමයෝජනා භාර දිම ඔක්තෝබර් මස 07 වන දින සිදු කිරිමට නියමිතයි.
මේ අනුව එදින නාම යෝජනා භාරදිමට පැමිණෙන සියලු අපේක්ෂයන් ලෙස මේ බව දන්වා සිටින මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා, මේ සම්බන්ධයෙන් සියලු ම අපේකෂකයන්ගේ එකඟතාවය දැක්විම කොමිසන් සභාවේ සතුටට හේතුවන බවද තවදුරටත් සඳහන් කළා.