පකිස්ථානය පරදා ලංකාව 20යි 20 තරගාවලිය දිනයි

පකිස්ථානයට එරෙහි 20යි 20 ක්‍රිකට් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2ට 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
ඒ ලාහෝර් හීදී පැවැති දෙවන තරගය ලකුණු 35කින් ජය ගනිමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182 ක් රැස් කළා.
භානුක රාජපක්ෂ පන්දු 48කදී ලකුණු 77යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන පිල පන්දුවාර 19ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 147ක් පමණයි.
ඉමාඩ් වසීම් ලකුණු 47යි.
නුවන් ප්‍රදීප් කඩුලු 4ක් හා වනිදු හසරංග කඩුලු 3ක් දවාගත්තා.
තරගයේ වීරයා භානුක රාජපක්ෂ.